Monday, April 21, 2025
Home » ගුවන් හමුදාවේ යානා කඩිනමින් අලුත්වැඩියාවට පියවර

ගුවන් හමුදාවේ යානා කඩිනමින් අලුත්වැඩියාවට පියවර

by chanaka
July 12, 2023 3:35 pm 0 comment

ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණය නිමාවීමෙන් පසුව මූල්‍ය ගැටලු සමඟ අලුත් වැඩියා නොකළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් සහ ගුවන්යානා කඩිනමින් අලුත් වැඩියා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා පවසයි.

ගුවන් හමුදාපතිවරයා සදහන් කර සිටියේ එම යානා අලුත්වැඩියා කර එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකා ක්‍රියාවලියට ඉදිරියේ දී යොමු කිරීමට සූදානම් බවයි.

මේවන විට සාම සාධක කටයුතු සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළුන් 110ක් සහ හෙලිකොප්ටර් යානා 03ක් යොදා තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ රජයේ උපදෙස් පරිදි සාම සාධක කටයුතු වෙනුවෙන් ඉදිරි කාලයේ දී තවත් ගුවන් හමුදා සෙබළු යෙදවීමට පියවර ගන්නා බව ගුවන් හමුදාපතිවරයා පැවසීය. මේ තුළින් ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන්ට මනා පලපුරුද්දක් ද වෘත්තීය ජීවිතයට එක් කර ගත හැකි බවට ඔහු විශ්වාසය පළ කළේය.

එමෙන්ම සාම සාධක රාජකාරී කටයුතුවලින් ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් රජයට ලබා දී ඇත.

සාම සාධක රාජකාරී කටයුතු සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව දක්වන දායකත්වයට වඩා හොඳ ප්‍රතිචාර ද ලැබී ඇතැයි ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT