Home » දුම්වැටියක් නිසා තිදෙනෙකුට කඩු ප්‍රහාරයක්

දුම්වැටියක් නිසා තිදෙනෙකුට කඩු ප්‍රහාරයක්

by yasara
July 12, 2023 1:00 pm 0 comment

බණ්ඩාරගම රයිගම අඟුරුවාතොට පාරේ වෙළඳසැලකට තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු පිරිසක් කළ පහරදීමකින් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය ප්‍රකාශ කරයි.

රෝහල් ගත කළ පිරිස අතර 49 හැවිරිදි ව්‍යාපාරිකයා ඔහුගේ 44 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 16 හැවිරිදි පුතු වන බව පොලිසිය කියයි

සිද්ධිය සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු කඩුවක් සමග බණ්ඩාරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පානදුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පැවසීය

පසුගිය 10 වන දින රාත්‍රී පමණ පිරිසක් පැමිණ දුම්වැටි ණයට ඉල්ලා ඇති අතර දුම්වැටි ණයට ලබා නොදෙන බවට පැවසීමෙන් ව්‍යාපාරිකයා සමඟ බහින්බස් වී එම පිරිස වෙළෙඳ සැලෙන් පිටවී ගොස් තිබෙයි.

අනතුරුව මද වේලාවකදී තියුණු ආයුධ රැගෙන පැමිණි පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් ව්‍යාපාරිකයාට තියුණු ආයුධවලින් පහර දෙද්දී එය වැළැක්වීම සඳහා බිරිඳ සහ පුතු ඉදිරිපත්වීමේදී එම පිරිස තිදෙනාටම පහර දී පළා ගොස් තිබූ බව පොලිසිය කියයි

ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුවන් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ව්‍යාපාරිකයා සහ දහසය හැවිරිදි පුතු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය

ව්‍යාපාරික බිරිඳ හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

පානදුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලීසිය මගින් පරීක්ෂණ සිදු කෙරේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT