Tuesday, April 8, 2025
Home » ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිද්ධිය ජනපති හෙළාදකී

ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිද්ධිය ජනපති හෙළාදකී

by chanaka
July 12, 2023 11:35 am 0 comment

ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබිමේ සිදුවීම තමා දැඩි ලෙස හෙළා දකින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රත්නපුර නව අධිකරණ සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (11) පස්වරුවේ එක්වෙමිනි.

රත්නපුර දිස්ත්‍රික් ජනතාවට එකම ගොඩනැඟිල්ලක් තුළ අධිකරණ කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව සලසාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටියදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් 2018 සැප්තැම්බර් 10 වනදා ආරම්භ කෙරිණි.

පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ මෙම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම් ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නොවන වියදම් සීමා කරමින් කාලීන අංගයන් පමණක් ඇතුළත්වන සේ ඉදිකිරීම් අවසන් කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1500කි.

මහල් 4කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය මහාධිකරණ දෙකක්, සිවිල් අභියාචනා මහාධිකරණයක්, දිසා අධිකරණ දෙකක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක් හා ප්‍රජා විශෝධන කාර්යාලයක් ඇතුළු අධිකරණ සංකීර්ණයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය.

සමරු ඵලකය නිරාවණය කර අධිකරණ සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT