ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් නවීකරණය කරන ලද තැපැල් කාර්යාලය හෙට (13) පෙ.ව. 9.45 ට යෙදෙන සුබ මොහොතින් සිසු අයිතියට පත් කෙරේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග, වැඩබලන උපකුලපති මහාචාර්ය උපුල් සුභසිංහ, තැපැල්පති රුවන් සත්කුමාර මහත්වරු මේ උත්සව සභාවේ දේශන පවත්වති. තැපැල් කාර්යාලයේ සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව පෙරවරු 10.5 ට යෙදෙන සුබ මොහොතින් ප්‍රථම ගනුදෙනුව සිදු කෙරෙන අතර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රදීප් ජයවීර මහතා මෙහි පිළිගැනීමේ කතාව සිදු කරයි. ප්‍රාදේශීය තැපැල් අධිකාරි (කොළඹ උතුර) චම්පික පෙරේරා, ලේඛකාධිකාරී ඒ.බී. වැලිවිට ඇතුළු ආරාධිත පිරිසක් මේ අවස්ථාවට එක් වීමට නියමිතය.
717
කලින් පුවත