Monday, April 21, 2025
Home » ASPගේ හිතවතිය පිළියන්දල පොලිසියේ පැමිණිල්ල ඉල්ලා අස් කර ගනී

ASPගේ හිතවතිය පිළියන්දල පොලිසියේ පැමිණිල්ල ඉල්ලා අස් කර ගනී

by mahesh
July 12, 2023 1:05 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

රුපියල් 10,200ක රෙදිපිළි ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඉක්මන් විමර්ශනයක් සිදු නොකළ බව පවසමින් පිළියන්දල පොලිසියට පැමිණ එහි නිලධාරීන්ට බලපෑම් කළ සහකාර පොලිස් අධිකාරිවරයාගේ හිතවතිය විසින් පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන ඇති බව ගල්කිස්ස කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එසේ වුවද වගඋත්තරකාර පාර්ශ්වය මඟින් එකී මුදල දීමට එකඟතාව පළ කළද පැමිණිලිකාර හිතවතිය විසින් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අන්සතු මුදල් තම ව්‍යාපාරවලට යෙදීමට අකැමැත්ත පළ කළ වගඋත්තරකාර පාර්ශ්වය මඟින් එකී මුදලින් පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ දුගී පවුලකට වියළි ආහාර ප්‍රදානය කිරීමට කටයුතු කර තිබූ බව එම නිලධාරියා කීය.

ඉකුත්දා (3) ඇසළ පොහෝ දින පැමිණිලිකාර කාන්තාව සමඟ පොලිසියට බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාට අයත් නිල ජීප් රථයෙන් පිළියන්දල පොලිසිය වෙත පැමිණ තිබූ සහකාර පොලිස් අධිකාරිවරයාට පෙර දින කරන ලද පැමිණිල්ලට අදාළව වගඋත්තර පාර්ශ්වය පොලිසියට නොකැඳවීම සම්බන්ධයෙන් විවිධ පැමිණිලි අංශය වෙත පැමිණ එම අවස්ථාවේ වැඩ බලන ස්ථානාධිපතිවරයාව සිටි උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සෙසු නිලධාරීන්ට මහජනයා ඉදිරියේදී අවමන්සහගත ලෙස බැණවැදී තිබිණි.

ඒ හේතුවෙන් අදාළ සහකාර පොලිස් අධිකාරිවරයාගේ නිලධාරියකුට සුදුසු නොවන ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් විමර්ශනයක් ද ආරම්භ කර තිබිණි. ඊට අදාළව පිළියන්දල පොලිසියේ නිලධාරීන්ට බැණවැදුණු සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් මෙන්ම, පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඇතුළු 15 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT