අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 වර්ෂයට අදාළ විභාගය නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය, සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුවක් මඟින් සකස් කළ පාසල් දින දර්ශනය හා විභාග දින දර්ශනය පිළිබඳ යෝජනාවක් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමු කර ඇති බවත් එසේ යොමු කර ඇති දිනයන් සම්බන්ධයෙන් ඇමැතිවරයා ප්‍රකාශයට පත් කර ඇති බවත් ‘දිනමිණ’ කළ විමසුමකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (11) කියා සිටියේය. වර්ෂ 2023ට අදාළ උසස් පෙළ දින දර්ශනය මේ වන විට අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අනුමැතිය ලැබුණු පසුව විභාග කාලසටහන නිකුත් කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.