Saturday, April 19, 2025
Home » චීනයේ මෝටර් රථ අපනයනයේ ඉහළ වර්ධනයක්

චීනයේ මෝටර් රථ අපනයනයේ ඉහළ වර්ධනයක්

by chanaka
July 12, 2023 12:27 pm 0 comment

චීනයේ මෝටර් රථ අපනයනය 75.7% ක වර්ධනයක් අත් කර ගනී. මෙම වසරේ මුල් භාගය තුළ, චීනය අපනයනය කළ මෝටර් රථ සංඛ්‍යාව විසිඑක් ලක්ෂ හතලිස් දහසකි.

පසුගිය වසර හා සැසඳීමේ දී මෙය 75.7% ක වර්ධනයක් බව චීන මෝටර් රථ නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

2021 වසරේ චීනය අපනයනය කළ මෝටර් රථ සංඛ්‍යාව විසි ලක්ෂය ඉක්මවා ගිය අතර, පසුගිය වසරේ එය තිස් ලක්ෂයකට අධික විය. මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් අපනයනය කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව විසිඑක් ලක්ෂ හතළිස් දහසක් වීම කැපීපෙනෙන කරුණකි.

මේ අතර, නව බලශක්ති මෝටර් රථ අපනයනය ද සැලකිය යුතු අයුරින් වර්ධනය වී තිබේ. පසුගිය මාස 6 තුළ, එම සංඛ්‍යාව පන්ලක්ෂ තිස්හතර දහසක් වූ අතර, 2022 වසරේ එම කාලයට සාපේක්ෂව එය 1.6 ගුණයක වර්ධනයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT