Home » රියාද් නුවර රෝහලක දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කමක්

රියාද් නුවර රෝහලක දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කමක්

by mahesh
July 12, 2023 1:15 am 0 comment

වෛද්‍යවරු 26ක් පැය හතහමාරක් ශල්‍යාගාරයේ

සවුදි අරාබියේ රියාද් නුවර රෝහලකදී පැය හතහමාරක සැත්කමකින් පසුව දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කමක් සාර්ථකව අවසන් කිරීමට එරට විශේෂිත වෛද්‍ය මණ්ඩලයක් සමත් වී ඇතැයි ඇරබ් නිවුස් පුවත් සේවය වාර්තා කළේය. සවුදි රජය යටතේ ආධාර ලබන කේ.එස්. රිලීෆ් නමැති දෙබිඩි දරුවන් සම්බන්ධ සුබසාධන ව්‍යාපෘතියකට අනුව මේ සැත්කම සිදු කරනු ලැබුවේ ළමා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය අබ්දුල්ලා අල් රබියාගේ ප්‍රධානත්වයෙන් බවත්, අදියර 5ක් යටතේ සිදුවූ එම සැත්කමට විශේෂඥ වෛද්‍යවරු 26 දෙනකු එක්වූ බවත් ඇරබ් නිවුස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. එම සැත්කමට මුහුණ දුන් බාසම් සහ ඉහ්සාන් නමැති දෙබිඩි දරුවන් දෙදෙනා මේ වන විට සැත්කමින් පසුව සුවෙන් පසුවන බව ද වාර්තා වේ. දරුවන්ගේ මාපියන්ට ශල්‍යගාරයෙන් පිටත රූපවාහිනි තිරයකින් එම සැත්කම සජීවිව නැරඹීමේ පහසුකම් ද සලසා තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

දශක 3ක කාලයක් පුරා සෞදි රජයේ අනුග්‍රාහකත්වය යටතේ මේ ව්‍යාපෘතිය සිදු කෙරෙන අතර, මේ දක්වා රටවල් 23ක දිළිඳු පවුල්වල උපන් දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සාර්ථක සැත්කම් 58ක් සිදු කර ඇතැයි ද වාර්තා වේ. දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කම් නොමිලේ සිදු කරනු ලබන සුබසාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන එකම රට ද සවුදි අරාබිය බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT