Wednesday, April 23, 2025
Home » “අස්වැසුම” අභියාචනා හා විරෝධතා සලකා බැලීම කඩිනමින්

“අස්වැසුම” අභියාචනා හා විරෝධතා සලකා බැලීම කඩිනමින්

by chanaka
July 11, 2023 2:54 pm 0 comment

Shehan cemasinghe

“අස්වැසුම” අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

“අස්වැසුම” සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාල සීමාව ජූලි මස 10 වැනිදායින් අවසන් විය.

ඒ අනුව, මෙම දීමනා සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් සලකා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

මෙම අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසි සිදු කරනු ලබන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම මෙම දීමනා අවශ්‍ය සියලුම පාර්ශ්වයන් හඳුනාගනිමින් , “අස්වැසුම” සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඔවුන් ඇතුළත් කිරීමේ කටයුතු ද විනිවිදභාවයකින් යුතුව සිදු වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT