Sunday, April 20, 2025
Home » කුවේට් රාජ්‍යයේ සිට පිටුවහල් කළ ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ සිට පිටුවහල් කළ ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට

by yasara
July 11, 2023 10:18 am 0 comment

kuwet

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් ,එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි , පසුව ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු ,එරටින් පිටුවහල් කර අද (11)දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි

මොවුන් අතරින් 39 දෙනෙකු ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි 07 දෙනා ගෘහ සේවකයින් වූහ .

මොවුන් දීර්ඝ කාළයක් කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව රැදී සිට සිට ඇති අතර , පසුව ඔවුන් විවිධ අසනීප වලට ගොදුරු වීම , පෞද්ගලික ගැටළු සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ පවුල් වල ගැටළු මතු වීම නිසා , ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබේ .

මෙසේ මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 2,000 කට අධික පිරිසක් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බව තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා පැවසීය.

මෙසේ ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීම පිළිබඳව කුවේට් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමග පසුගියදා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එරට පොලිසිය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමග එක්ව ගත් කඩිනම් පියවර මත ,තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර මත මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එවා තිබුණි .

ඔවුන්ගේ ඇගිලි සළකුණු ලබා ගැනීමෙන් අනතුරුව මෙසේ මෙම පිරිස එරටින් පිටුවහල් කර ඇති අතර , යළි කිසිදා ඔවුන්ට කුවේට් රාජ්‍යය වෙත පිවිසීම ඒ මගින් සපුරා තහනම් කර තිබේ .

මෙම පිරිස අද (11) අලුයම 03.30 ට කුවේට් සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ.- 9551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT