Home » නව ගුවන් හමුදාපති මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ආශීර්වාද ලබමින්…

නව ගුවන් හමුදාපති මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ආශීර්වාද ලබමින්…

by admin
July 10, 2023 1:00 am 0 comment

නව ගුවන් හමුදාපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අයුරු.

නව ගුවන් හමුදාපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන්ට අටපිරිකර පූජා කළ අයුරු.

 

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පෙරේදා (08) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගත්තේය.

දළදා මාලිගාවට ගිය ගුවන් හමුදාපතිවරයා පිළිගත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඔහු සමඟ සුහද පිළිසඳරක යෙදිණි.

පසුව අස්ගිරි මහා විහාරයට ගිය ගුවන් හමුදාපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගත්තේය. පසුව ගුවන් හමුදාපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැ දැකීමට ගියේය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT