527
ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සඳහා පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් හා නිලධාරීන් 27කගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඉන් පිටත ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි.
ශ්‍රී ලංකා සහ පාකිස්තාන අතර ටෙස්ට් තරග දෙක ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්එස්සී පිටියේ දී පැවැත්වීමට නියමිතය.
කටුනායක – ටී.කේ.ජී.කපිල