හිටපු ඉන්දීය ක්‍රිකට් නායක එම්.එස්. දෝනිගේ ශුද්ධ වත්කම ඉන්දීය රුපියල් කෝටි 1040ක් බව වාර්තා වෙයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3897.34ක් පමණ වන දැවැන්ත මුදලකි. දෝනි ඉන්දීය ක්‍රිකට් පිලෙන් උපයාගත් මුදල්, චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රිකට් පිලෙන් උපයා ගන්නා මුදල්, ව්‍යාපාර සන්නාම තුළින්, සමාජ මාධ්‍යවලින්, ක්‍රීඩා කණ්ඩායම් සඳහා මුදල් ආයෝජනයෙන් හා යතුරුපැදි – මෝටර් රථ එකතු කිරීම ඇතුළු විවිධ මාර්ග හරහා ධනය රැස් කර ගෙන ඇත.
ඉන්දියාවේ ධනවත්ම ක්‍රීඩා පෞරුෂයක් ලෙස සැලකෙන දෝනි සුපිරි පිතිකරු විරාට් කෝලිගේ ශුද්ධ වත්කමට වඩා තරමක් පසුපසින් සිටී. කෝලිගේ ශුද්ධ වත්කම ඉන්දීය රුපියල් කෝටි 1,050ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3934.82ක්) බවට ගණන් බලා ඇත.
දෝනි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් ගිවිසුමෙන් පමණක් උපයා ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 12කි. ව්‍යාපාර සන්නාමවලින් කෝටි 6ක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් හා ට්විටර් සමාජ මාධ්‍යවල, පළ කිරීමක් සඳහා කෝටි 1 සිට කෝටි 2 දක්වා උපයා ඇත. ඔහුට SportsFit World Pvt නමින් ඉන්දියාව පුරා ව්‍යායාම් මධ්‍යස්ථාන 200කට අධික ප්‍රමාණයක් ඇත. ඉන්දීය සුපර් ලීගයේ ක්‍රීඩා කරන චෙන්නායි පාපන්දු සමාජයේ හිමිකරු වන දෝනි ක්‍රීඩා අලෙවිකරණ සහ කළමනාකරණ සමාගමක් වන ‘රිටි ස්පෝර්ට්ස්’හි අයිතිකරු ද වේ.
ජාර්ක්හෑන්ඩ් හා රංචි නගරවල Hotel Mahi Residency නමින් තරු හතරේ හෝටල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන දෝනි, කාබනික ගොවිතැන සඳහා තම කාලය හා මුදල් ආයෝජනය කර ඇත. ඔහු රංචිහී සෙම්බෝ ගම්මානයේ රින්ග් පාරේ පිහිටි අක්කර 43ක ගොවිපළේ ස්ට්‍රෝබෙරි, ගෝවා, තක්කාලි, කඩල, පෙයාර්ස්, පැපොල් වැනි පලතුරු සහ එළවළු බහුලව වගා කොට ඩුබායි වෙත අපනයනය කරමින් සිටී. ඩුබායිහී ක්‍රිකට් ඇකඩමියක් පවත්වාගෙන යන දෝනිගේ විනෝදාංශයක් වන විවිධ මාදිලියේ යතුරුපැදි එකතුවේ හා මෝටර් රථ එකතුවේ වටිනාකමද අති විශාල වේ.
ප්‍රින්ස් ගුණසේකර