Monday, April 21, 2025
Home » ලයිසන් නැති අයියෙක් සමඟ ගිය සිසුවා යතුරුපැදි අනතුරින් මරුට

ලයිසන් නැති අයියෙක් සමඟ ගිය සිසුවා යතුරුපැදි අනතුරින් මරුට

by admin
July 10, 2023 1:00 am 0 comment

කල්එලිය අබ්දුල් කාදර් මාවතේ දී 7 දා රාත්‍රී සිදු වූ යතුරු පැදි අනතුරකින් පහළොස් හැවිරිදි පාසල් සිසුවකු මරුමුවට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කල්එලිය මස්ජීඩ් මාවත පදිංචිව සිටි කොළඹ ප්‍රධාන පාසලක ඉගැනුම ලැබූ මොහොමඩ් උවර් නෞෂාඩ් 15 නමැති සිසුවෙකි.

මියගිය පාසල් සිසුවා 18 හැවිරිදි තරුණයකු සමඟ යතුරුපැදියෙන් හංසගිරිය දෙසට ගමන් කරමින් සිටිය දී පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව පෙරළීමෙන් අනතුර සිදුවී ඇතැයි මූලික

පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත. යතුරුපැදිය පෙරළෙන අවස්ථාවේ පසුපස අසුනේ ගමන් කරමින් සිටි පාසල් සිසුවා විසි වී වැටී බරපතළ තුවාල ලබා ඇතැයි ද තුවාලකරුවන් දෙදෙනා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමේ දී පාසල් සිසුවා මිය ගොස් සිටි බව ද පොලීසිය සඳහන් කරයි. යතුරුපැදිය පැදවූයේ තරුණයාට රියදුරු බලපත්‍රයක් හෝ නොවූ බවත් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. පල්ලවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතාගේ මෙහෙයුම යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යසරත්න මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

කොටදෙනියාව සමූහ එම්. පී. කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT