Home » ට්‍රැෆික් එක අස්සෙන් රිංගන්න ගිය ලොරියේ හරක්

ට්‍රැෆික් එක අස්සෙන් රිංගන්න ගිය ලොරියේ හරක්

by admin
July 10, 2023 1:00 am 0 comment

බලපත්‍ර නොමැතිව බට්ටා ලොරි රථයකින් මී ගවයන් දෙදෙනකු ප්‍රවාහනය කළ අයකු පසුගියදා (07) පෙරවරුවේදී නිකවැරටිය කොට්ඨාස රථ වාහන අංශය මඟින් අත්අඩංගුවට ගැනිණි.

නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත මහව පොලිස් වසමේ අඹගස්වැව, අමුණුකොලේ ප්‍රදේශයේ මාර්ගයේ රැඳී වාහන පරීක්ෂා කරන අතරවාරයේ වාහන තදබදය අස්සේ රිංගා යෑමට තැත් කළ මෙම රථය පරීක්ෂා කිරීමේ දී ජාවාරම්කරු හසු වූ බව පොලිසිය පැවසීය.

මහව පොලිස් බල ප්‍රදේශයේ සිට අතුරු මාවත් ඔස්සේ මිණුවන්ගැටේ ප්‍රදේශයට බලපත්‍ර නොමැතිව මොවුන් ගවයන් ගෙන යන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පොල්පිතිගම – නන්දන කැලේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT