Monday, April 21, 2025
Home » වැටුණු රට ගොඩ ගන්න නොබියව ඉදිරිපත් වුණේ – ජනපති රනිල් ආචාර්ය මර්වින් සිල්වා

වැටුණු රට ගොඩ ගන්න නොබියව ඉදිරිපත් වුණේ – ජනපති රනිල් ආචාර්ය මර්වින් සිල්වා

by admin
July 10, 2023 1:00 am 0 comment

රට වැටිල තිබෙන අවස්ථාවේ බේරගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. එදා නොබියව ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පමණයි. සජිත් හැංගුණා යැයි ආචාර්ය මර්වින් සිල්වා මහතා කැලණියේදී පෙරේදා (08) පැවසීය.
කැලණියේ ටයර් සංස්ථා හන්දියේ පැවැති ජන හමුවක් අමතමින් ඒ මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා වටේ සිටින කේවට්ටයන් එතුමාට මේ රට පාලනය කිරීමට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඔවුන්ගේ උත්සාහය මේ රටේ තියෙන දේශීය සම්පත් කුණුකොල්ලයට විකුණලා තමන්ගෙ සාක්කුව පුරවගන්නයි. එදා මේ රට වැටිලා අන්ත අසරණ වුණු වෙලාවේ කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ රට බේරා ගන්න. පරිණත දේශපාලනඥයකු වූ එතුමා නිර්භීතව මේ රට භාර ගත්තා. සජිත් හැංගුණා ජනාධිපතිකම ගන්න එන්න කිව්වම.
ජනාධිපතිතුමනි, ඔබතුමා වට කරගෙන සිටින මුදල් සෙවීම එකම පරමාර්ථය කරගත්ත අවස්ථාවාදී බලලෝභී කේවට්ටයන් හඳුනාගෙන ඔවුන්ගේ උපදෙස් ඉවත දමා මේ රට ගොඩනැඟීමේ කාර්ය ඔබතුමාගේ නුවණින් සිදු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.
කකුළෙන් අදින කේවට්ටයන් අත්ඇරලා එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේත් හෙලේනා විජයවර්ධන මාතාවගේත් නාමයෙන් ඔය ජනාධිපති පුටුව අත්ඇරලා තනි පුද්ගලයකු ලෙස රටේ ජනතාව ඉදිරියට යන්න ආවොත් ඔබේ ගමන සාර්ථක වෙන බව මට විශ්වාසයි.ඡායාරූපය – සුදත් මලවීර
රාගම සමූහ – කේ.එස්. හැන්නදි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT