Sunday, April 20, 2025
Home » ජන අරගලය ගෞරවයෙන් සිහිපත් කරනවා -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජන අරගලය ගෞරවයෙන් සිහිපත් කරනවා -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by admin
July 10, 2023 1:00 am 0 comment

ලෝක අරගල ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරන්නට සමත් වෙමින් මෙරට පුරවැසි ජනතාව විසින් මීට වසරකට පෙර සිදු කළ සුවිශේෂී ජන අරගලය මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමු යැයි නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන්වේ.

“දෙවසරකට වැඩි කාලයක් පුරා අදුරදර්ශී, උද්ධච්ච සහ අන්තනෝමතික පාලනයෙන් රට බරපතළ ඛේදවාචකයකට තල්ලු වෙමින් තිබුණා. ඊට එරෙහිව මෙරට සමස්ත සමාජයෙන් ආණ්ඩුවට එරෙහි බලවත් ප්‍රතිවිරෝධයක් ඉස්මතු වුණා. එහි තීරණාත්මක අවස්ථාව වූයේ ගාලුමුවදොර දින අනූවක් සම්පූර්ණ වූ පුරවැසි අරගලයයි.

පැන්සලක් හෝ පින්සලක් සමඟ විරෝධතා පුවරුවක් පමණක් රැගෙන සාධාරණත්වයේ සහ මිනිස්කමේ නාමයෙන් උදාර අපේක්ෂා පෙරදැරිව කරන ලද අරගලයෙහි අවසන් ප්‍රතිඵලය වූයේ අන්තනෝමතික ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ එම ආණ්ඩුවට ගෙදර යෑමට සිදු වීමයි. ඒත් මේ රටේ පුරවැසි ජනතාව ගත් ජයග්‍රහණයට මුවා වෙමින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වූණා. ඉන් පසුව ද සිදු වෙමින් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ සිදු වූ තත්ත්වයටම සමාන හෝ ඊටත් වඩා ඛේදනීය තත්ත්වයක්. පුරවැසි පරම්පරාවට එරෙහිව මර්දනයේ බයිනෙත්තුව හෝ තර්ජනයේ වහසිබස් දෙඩිය හැක්කේ කුරිරු ආඥාදායක මිලේච්ඡත්වයකට පමණි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT