පොහොට්ටුව දන්නෙ නෑ ඒක තියෙන්නෙ කොහෙද කියලා. ඒක තියෙන්නෙ අමෙරිකාවෙ ද එහෙමත් නැතිනම් පස්වන පටුමඟේ ද එහෙම නැතිනම් මැදමුලෙනද කියලා. ඒක කොහේ තියනවද කියල කවුරුවත් දන්නෙ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිච්චාවත සංඛාරා කරල ඉවරයි. යූ.එන්.පී.යත් ඉවරයි. ඒක අද අරන් ගිහිල්ල මැදමුලනේ පොහොට්ටුවේ එල්ලලා ඉවරයි යැයි සමඟි ජන බලවේගයේ හබරාදූව නව ප්‍රධාන සංවිධායක, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ හබරාදූව ආසනයේ සමඟි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය හබරාදූවදී විවෘත කිරීමෙන් පසු පැවැති රැස්වීම අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙතෙක් කලක් පැවැති සමෘද්ධිය අද අස්වැසුමක් වෙලා අන්තිමේ බලනකොට ජනතාවට එය අස්වැසුමක් නොවෙයි ජනතාවගේ ඇස් වැසීමක් වෙලා. ඒ විතරක් නොවෙයි එය ජනතාව වළක් හාරා ඒ වළට දමා එය පස්වලින් වසා දැමීමක් බවට පත් වෙලා යයි ද ඒ මහතා පැවසීය. අද ආණ්ඩුවත් හොල්මන් වෙලා එකම ආසනයේ පවත්වන එක පක්ෂ බලමණ්ඩල රැස්වීමකදී කොටසක් කියනවා ඊළඟ ඡන්දයේදිත් රනිල් ජනාධිපති කරමු කියා. තව කොටසක් කියනවා ඊළඟ ඡන්දයට අපි පොහොට්ටුවේ අයෙක් ජනාධිපති කරනවා කියා. ජනතා විමුත්ති පෙරමුණේ අය අද කියන එක නොවෙයි හෙට කියන්නේ. ඒ නිසා මේ හැමෝම ජනතාවට එපා වෙලා යැයි ද ඒ මහතා පැවසීය.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා,
නීත්‍යනුකූලව බැලුවොත් ලබන වසරේ ජනාධිපතිවරණය තියන්න වෙනවා. නමුත් ආණ්ඩුවේ තියන අවුල් තත්ත්වය දෙස බලන විට කොයි මොහොතේ හරි පාර්ලිමේන්තු මහමැතිවරණයක් අනිවාර්යයෙන් එන්නට පුළුවන් වන්නේ යයි පැවසීය.
අපි හබරාදූවට අලුත් සංවිධායකවරයකු ලෙස චන්දිම මහතා පත් කළා. එතුමා හබරාදූවට පත්වුණු දොළොස් වැනි සංවිධායක මහතායි. මෙම ආසනයට පත්වුණු සංවිධායකවරුන් දොළොස් දෙනා අතුරින් හත්දෙනකුම පාර්මේන්තුවට ගොස් මැති ඇමැතිකම් ලබා ගත් අය බවට පත් වුණා. අද පත්වන මෙම මන්ත්රීතුමාත් මෙහාට ආවේ අපේ ආණ්ඩුවෙත් ඇමැතිකමකට සුදුසුකම් අරගෙන යැයි ද පැවසීය.
ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ
334