Home » එළබටු කුලයට එන මැණිකේ සහ ටිකිරා

එළබටු කුලයට එන මැණිකේ සහ ටිකිරා

by chanaka
July 10, 2023 3:45 pm 0 comment

කෘෂිකර්ම දෙපාර්ත‌මේන්තුව විසින් නව එළබටු විශේෂ හඳුන්වා දී තිබේ.

මෙම එළබටු විශේෂ දෙක මැණිකේ (GKEB 1) සහ ටිකිරා ( GKEB 2) ලෙස නම් කර තිබේ.

වැඩි අස්වැන්නක් ලබා දෙන මෙම නව එළබටු විශේෂ දෙක පලතුරුවල ඇති ගුණාත්මකභාවයෙන් ද යුක්ත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ගිරාඳුරුකෝට්ටේ බීජ පර්යේෂණායතනය විසින් මෙම නව එළබටුවර්ග දෙක හඳුන්වා දී තිබේ.

මෙකී නව එළබටු වර්ග දෙක මේ වනවිටත් ගොවීන්ට වගාව සඳහා ලබා දී ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව නිෂ්පාදන රැසක් අත් හදා බලා ඇති අතර එම නව නිෂ්පාදන පිළිබඳ පරීක්ෂණ රැසක් මේ වනවිට සාර්ථක වී තිබේ. විශේෂයෙන් වී හා අනෙකුත් අතිරේක බෝග රැසක් සම්බන්ධව නව පරීක්ෂණ සිදු කරන ලද බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

2023 අවසන් වන විට මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි අලුත් බෝග වර්ග හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT