Friday, April 18, 2025
Home » PUBLIC TALK තුළින් වනජීවී සංරක්ෂණයට අලුත් කථිකාවක්

PUBLIC TALK තුළින් වනජීවී සංරක්ෂණයට අලුත් කථිකාවක්

by chanaka
July 10, 2023 3:20 pm 0 comment

wanajiwi

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරනු ලබන මහජන දේශනය (PUBLIC TALK)මෙම 12වැනිදා සවස 3.30ට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාගර සම්පත් සංරක්ෂණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂිකා රේඛා සංජීවනී රාජසිංහ මහත්මිය විසින් වනජීවී සංරක්ෂණය ‌ගොඩබිමෙන් ඔබ්බට සාගරය දක්වා මැයෙන් ( Conservation of wildlife beyond the land to the ocean) එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයෙදී පැවැත්වේ.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය පථය භෞමික පරිසර පද්ධති සංරක්ෂණයේ සිට සාගර
පරිසර පද්ධති සංරක්ෂණය දක්වා විවිධාකාර හැඩගැසීම් සමග පුළුල් වී ඇත.

ඒ සඳහා, ජෛව විවිධත්ව සමීක්ෂණ විලින් හෙලි වන කරණු සැළකිල්ලට ගෙන, ජෛව විවිධත්වයන් අනූන සහ වඳ වීගෙන යාමේ තර්ජනයට මුහුණ පා සිටින සුවිශේෂී සාගර ජීවී විශේෂ වැඩි වශයෙන් ගැවසෙන සාගර පරිසර කලාප මේ වන විට සමුද්‍ර රක්ෂිත බවට ප්‍රකාශයට පත් කර තිබේ. එවැනි සමුද්‍ර රක්ෂිත ශ්‍රී ලංකාවේ සාගර තීරය වටා
28ක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඉදිරියේදි ද එවැනි සමුද්‍ර රක්ෂිත කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමට
නියමිතය.

මේ කරුනු ඇතුළු තොරතුරු රැසක් මෙම දේශනය තුළින් ජනතාවට ලබා ගැනීමට හැකිවන බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටී.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු(Department 0f wildlife conservation)ෆේස් බුක් පිටුව ඔස්සේ ද මෙම දේශනය සඳහා මහජනතාවට එක්විය හැකිවේ.

මෙම දේශනය සදහා පහත සදහන් සබැඳියෙන් සම්බන්ධ විය හැකිය.

https://departmentofwildlifeconservation.webex.com/departmentofwildlifeconservation/j.php?MTID=m6e4ab520f000a0be301d343638e65972

Join by meeting number
Meeting number (access code): 2514 736 7011
Meeting password: gT8yZry6mj5 (48899796 from video systems)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT