Home » චීනයේ පෙර පාසලක පිහි ඇණුමකින් 06 ක් මරුට

චීනයේ පෙර පාසලක පිහි ඇණුමකින් 06 ක් මරුට

by yasara
July 10, 2023 1:26 pm 0 comment

Chinese preschool

දකුණු චීනයේ ළදරු පාසලකට අද (10) උදෑසන එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Guangdong පළාතේ Lianjiang නගරයේ සිදුවූ මාරක සිදුවීමක් සම්බන්ධයෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු රඳවාගෙන ඇති බව ද එරට පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා උදේ 7.40 පමණ මෙම පිහි ඇණුම සිදු කර ඇති අතර මෙමගින් එක් ගුරුවරයෙකු, දෙමාපියන් දෙදෙනෙකු සහ දරුවන් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT