Home » බුත්තලට අයිස් වැස්සක්

බුත්තලට අයිස් වැස්සක්

by yasara
July 10, 2023 1:01 pm 0 comment

buththala rain

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසකට ඉකුත් (09) වෙනිදා සවස මහවැස්සත් සමඟ හමාගිය සුළිකුණාටුවකින් නිවාස තිහකට පමණ අර්ධහානි සුදුවී ඇතැයි බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

මහ වැස්ස සමඟ අයිස්කැටද පතිතවූ බව ප්‍රදේශවාසීහු පවසති.

උනාවටුන,යුදඟනාව,පුහුල්කොටුව,දික්යාය,උඩගම,මැදගම සහ බුත්තල යන ග්‍රාම නිලධාරී කොට්ඨාස වලට මෙම සුළිකුණාටුව බලපා තිබූ අතර ගස් කඩාවැටීමෙන් බුත්තල-වැල්ලවාය මාර්ගය සහ අතුරුමාර්ග කිහිපයක ගමනාගමන කටයුතු ඇනහිට තිබිණි.

නිවාස තිහක පමණ සෙවිලිතහඩු සුළඟට ගසාගෙන ගොස් ඇති අතර නිවෙස් මතට ගස් කඩාවැටීමෙන් හානි සිදුවී තිබේ.

බුත්තල බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි ගසක් කඩාවැටීමෙන් එහි කටයුතු වලටද බාධා පැමිණ තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT