Home » තවත් බස් අනතුරකින් දෙදෙනෙකු මිය යයි – 16 ක් තුවාල ලබයි

තවත් බස් අනතුරකින් දෙදෙනෙකු මිය යයි – 16 ක් තුවාල ලබයි

by yasara
July 10, 2023 12:10 pm 0 comment

Bus Accident Abanpola

වන්දනා නඩයක් සමග ගමන් කරමින් තිබූ බස්රථයක් මාර්ගයේ නවතා තිබු කන්ටේනරයක් හා ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (10) අළුයම 2.45 ට පමණ කුරුණෑගල අනුරාධපුර පාදෙණිය මාර්ගයේ අඹන්පොළ නගරය ආසන්නයේ දී මෙම අනතුර සිදුව තිබේ.

පුංචි දඹදිව හා කූරගල වන්දනාවේ ගොස් ආපසු පැමිණිනෙමින් සිටි මෙම පිරිස රැගත් බස්රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි අඹන්පොල පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බස් රථයේ ඉදිරි පස පාපුවරුවේ ගමන් ගත් තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව පරීක්ෂණ පවත්වන පොලීසිය සදහන් කරයි.

තලාව ප්‍රදේශයේ පිරිසක් මෙම වන්දනා ගමන සදහා සහභාගිව සිට තිබේ.

තුවාලකරුවන් අඹන්පොල හා ගල්ගමුව රෝහල්වල ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධයෙන් අඔන්පොල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT