තුගම ප්‍රදේශයේ පාතාල කල්ලි නායකයකුගේ කොන්ත්‍රාත්තුවක් මත, මනුෂ්‍ය ඝාතනයක් කිරීමේ අරමුණින් සැඟවී සිටි පුද්ගලයන් දෙදෙනකු කළුතර කොට්ඨාස දූෂණ මර්දන වැටලීම් ඒකකය විසින් ඊයේ (9) සවස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මොවුන් සතුව අඩි 4කට අසන්න දිගැති තියුණු කඩු 2ක්, අඩි 3 1/2ක් පමණ දිග කඩුවක්, හෙරොයින් ග්‍රෑ. 15ක් සහ ජංගම දුරකතන 5ක්ද තිබී ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මතුගම ඕවිටිගල සහ කඩවක ප්‍රදේශවල පදිංචි 25 සහ 19 හැවිරිදි පුද්ගලයෝ දෙදෙනෙකි.
මිනිස් ඝාතනයක් කිරීමේ අරමුණින් මතුගම ඕවිටිගල ප්‍රදේශයේ නිවෙසක දෙදෙනකු රැඳී සිටින බවට ලද තොරතුරක් මත දූෂණ මර්දන වැටලීම් අංශ ස්ථානාධිපති (උ.පො.ප) නුවන් කෝරලගේ ඇතුළු නිලධාරීන් පිරිසක් නිවෙස වටලා පරීක්ෂා කිරීමේදී මේ අය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක