Home » ඊයේ රාත්‍රිෙය් මනම්පිටිය කොටලීය පාලමෙන් බසය පෙරළී 11ක් මරුට

ඊයේ රාත්‍රිෙය් මනම්පිටිය කොටලීය පාලමෙන් බසය පෙරළී 11ක් මරුට

35කට අධික පිරිසක් රෝහලේ

by admin
July 10, 2023 1:38 am 0 comment

අධික වේගයෙන් පැමිණියාද ? පාලම උඩදී ටයරයක් පිපුරුවාද ? පොලිසියෙන් පරීක්ෂණ

රියැදුරු අත්අඩංගුවට

තවත් සිරුරු ඇත්දැයි සොයන්න නාවික හමුදාවෙන් අද විශේෂ මෙහෙයුමක්

පොළොන්නරුව මනම්පිටිය කොටලීය පාලම අසලදී බස් රථයක් ඔයට පෙරලීමෙන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරින් පුද්ගලයන් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර එම පිරිස මනම්පිටිය සහ පොලොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇත. මියගිය පුද්ගලයන් අතර අවුරුදු 17 ළමයෙක් සහ කාන්තාවක් සිටින බව පොලිසිය පවසයි.

බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සිරුරු අත්දැයි සොයා බැලීමට නාවික හමුදාවේ සහාය ලබාගැනීමට නියමිතය. බස්රථය පාලම මතින් 75%ක දුරක් ධවනය කර ඇති අතර ඉන් පසු ඔයට පෙරලී ඇති අතර පාලමට ආසන්න කැලෑබද ප්‍රදේශයේදී බසය අධික වේගයෙන් ධාවනය වී ඇති බව මගීහු පවසති. තවත් තුවාලකරුවන් රෝහල්ට ගෙන එමින් තිබූ බව ‘දිනමිණ‘ සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂවරයා පැවැසීය.

බසය අධික වේගයෙන් පැමිණියාද පාලම උඩදී ටයරයක් පිපුරුවාද යන්න පිළබඳව පොලිස් පරීක්ෂණ සිදු කෙරේ.

කදුරුවෙල සිට අක්කරෙයිපත්තු බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස ඔයට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මනම්පිටිය – නිමල් ජයරත්න, ඇළහැර – සරත් වෙලගෙදර, බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT