Home » ඩොලරය පරදවමින් නව මුදල් ඒකකයක්

ඩොලරය පරදවමින් නව මුදල් ඒකකයක්

by admin
July 10, 2023 1:35 am 0 comment

ලෝක ආර්ථිකයේ ධනවත්ම මුදල් ඒකකය වන අමෙරිකානු ඩොලරය අභියෝගයට ලක් කරමින් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට බ්‍රික්ස් රටවල් එකතුව සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව හා චීනය යන ලෝකයේ ධනවත් රාජ්‍යයන් හතරකින් සමන්විත බ්‍රික්ස් සමුළුව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ ලබන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතය.

එම නව මුදල් ඒකකය අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව අතිශයින් වෙනස්කම් දක්වන මූල්‍ය ඒකකයක් වන අතර එහි වටිනාකම රත්තරන් මත පදනම්වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බ්‍රික්ස් සංවිධානය නැඟී එන වෙළෙඳපොළ ආර්ථිකයේ බලවත් සංවිධානයක් බවට පත්ව ඇති අතර ලෝකයේ රටවල් රැසක් එම සංවිධානය සමඟ එක්වීමට සුදානමින් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නව මුදල් ඒකකය හඳුන්වාදීමේ සැලසුම කෙරෙහි අවධානය යොමු වී ඇත්තේ එවැනි පසුබිමකදීය.

අනුර ප්‍රේමලාල් සහ ජයසිරි

මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT