Home » හෙද සේවාවට නවකයෝ 3,315ක් එක්වෙති

හෙද සේවාවට නවකයෝ 3,315ක් එක්වෙති

by admin
July 10, 2023 1:34 am 0 comment

මෙරට හෙද සේවාව සඳහා තවත් සිසු හෙද හෙදියන් 3,315 දෙනකු බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙලෙස තෝරා ගැනුණු පිරිස සඳහා බඳවා ගැනීමේ ලිපි නිල වශයෙන් ප්‍රදානය කිරීම සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදු කෙරේ.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පත්වීම්ලාභීන් පිරිසකට ලිපි ප්‍රදානය සංකේතාත්මකව සිදු කෙරෙන අතර එයට අමතරව අනෙකුත් සිසු සිසුවියන් සඳහා අද (10) දිනයේම පත්වීම් ලිපි ලබාදීමට නියමිතය.

රට පුරා හෙද විදුහල් 15කදී මෙම සිසු හෙද හෙදියන් සඳහා පුහුණුව ලබා දීම සිදු කෙරේ. 2020 කාණ්ඩය සඳහා තෝරාගත් සිසු හෙද හෙදියන් මෙලෙස බඳවා ගැනෙන අතර 2018/2019 උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර සිසුන් 3,315 දෙනකු සිසු හෙද පුහුණුව සඳහා සුදුසුකම් ලබා ඇත.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT