Home » අක්ෂි සැත්කමේදී කතක් මියයෑම තවත් පරීක්ෂණයකට වෛද්‍යවරුන් 3කගෙන් යුත් කමිටුවක්

අක්ෂි සැත්කමේදී කතක් මියයෑම තවත් පරීක්ෂණයකට වෛද්‍යවරුන් 3කගෙන් යුත් කමිටුවක්

by admin
July 10, 2023 1:30 am 0 comment

කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී දෘෂ්ටි විතානයේ සැත්කමක් කරමින් සිටිය දී පසුගියදා මරණයට පත් වූ කාන්තාව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණයක් සිදු කිරීමට රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකුගෙන් යුක්ත කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.

මරණයට පත් වූ කාන්තාවට ලබා දුන් නිර්වින්දන එන්නත් කාණ්ඩය භාවිතයෙන් ඉවත් කළ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
නිර්වින්දනයට ලබා දුන් ඖෂධය නිසා මෙම කාන්තාව මරණයට පත්වූයේ යැයි බොහෝ දෙනා පැවසුවත්, මරණයට හේතුව නිර්වින්දනයට ලබා දුන් ඖෂධය නොවන බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පැහැදිලි වන්නේ යැයි ද හෙතෙම පැවැසීය.

භාවිත කළ නිර්වින්දන ඖෂධ වැඩිදුරටත් පරීක්ෂා කිරීම සඳහා ජාතික තත්ත්ව රසායනාගාරය වෙත යොමු කර ඇති බව ද ඒ මහතා පැවසුවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT