අපේ පරම්පරාව යුද්ධ කළත් ඊළඟ පරම්පරාවට යුද්ධ ඇති කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගියදා (08) කරන්දෙණිය ආසන සමුළුව අමතමිනි. කරන්දෙණිය අනුරුද්ධගම ක්‍රීඩාපිටියේදී මෙය පැවැත්විණ.
අපට අද මිනිස් ජීවිත පිළිබඳව සහකම්පනයක් නැහැ. මිනිස්සු මැරෙනවා, ලෙඩ වෙනවා, අනතුරුවලට භාජනය වෙනවා, කාන්තාවන් දූෂණය වෙනවා, අතපය කැඩෙනවා. අපි හැම දෙනාගෙම වටිනාම දේ ජීවිතයයි. අප දැන් ඇන කොටා ගත්ත ඇති. සමාජයට තවදුරටත් ඛේදවාචක අවශ්‍ය නැහැ. අපේ පරම්පරාව යුද්ධ කළා. ඊළඟ පරම්පරාවට යුද්ධ ඇති කරන්න බැහැ. ඒක මතක තියා ගන්න. ලෝකයේ දියුණුම රටක් බවට අපේ රට පත් කළ යුතු බවද මෙහිදී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.