ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව තවත් මාස තුනක කාලයක් සඳහා පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර ඊයේ (9) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඇමැතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වූ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වැනිදා විශ්‍රාම යාමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට මාස 3ක සේවා දිගුවක් දෙනු ලැබීය. එම සේවා දිගුව ද ඉකුත් 25 වැනිදායින් අවසන් විය. අනතුරුව ඊයේ (09) දින තවත් මාස 3ක කාලයක් දක්වා පොලිස්පතිවරයාට සේවා දිගුව ලබා දී තිබේ.
රක්ෂණ ශ්‍රියන්ත
466