Sunday, April 20, 2025
Home » කතරගම මාධ්‍යවේදි දේවප්‍රියට ඇගයීමක්

කතරගම මාධ්‍යවේදි දේවප්‍රියට ඇගයීමක්

by admin
July 10, 2023 1:00 am 0 comment

වසර 9ක් පුරා අබලන්ව අපායක් බඳු කතරගම පොදු බස් නැවතුම්පොළ සම්බන්ධයෙන් විදත් සහ මුද්‍රිත මාධ්‍ය වෙත වැඩිම වාර්තාකරණයක් සිදු කිරීම වෙනුවෙන් විශේෂ ඇගයීමක් කතරගම මාධ්‍යවේදී කේ. ඩී. දේවප්‍රිය මහතාට හිමි විය.

කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ අවධානය මෙම බස් නැවතුම්පොළට යොමු වී අදියර කිහිපයකින් මෙය ඉදිකර ඇසළ මංගල්‍යයට සමගාමීව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙය විවෘත කිරීමට පියවර ගන්නා ලදී.

කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමි, කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි සහ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතා විසින් මේ ඇගයීම් සිහිවටනය ඔහු වෙත පිරිනැමීමට පියවර ගන්නා ලදී. මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු සහ කතරගම වෙ‍ෙළඳ සංගමයේ නිලධාරිහු රැසක් පැමිණ සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT