නුගේගොඩ නගරයේ විදුලි රැහැන් භූගත කිරීමේ ව්‍යාපෘතිය ජාතික පද්ධතිය සමඟ එකතු කිරීම පසුගියදා සිදු කෙරිණි. මේ ව්‍යාපෘතියෙන් රථවාහන අනතුරුවලින් සහ අයහපත් කාලගුණයෙන් සිදුවන විදුලිය බිඳ වැටීම් වළක්වා ගැනීමට විදුලියෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමට, ප්‍රමිතියෙන් යුත් විදුලි සැපයුමක් දීමට සහ නඩත්තු කටයුතු පහසු කිරීම සිදු වනු ඇත. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය දුන් ලෙකෝ ආයතනයේ නිලධාරීන් සහ පාර්ශ්ව ඇඟයීම ද සිදු කරනු ලැබිණි. ලෙකෝ ආයතනයේ මීළඟ ව්‍යාපෘතිය මීගමුව නගරයේ සිදු කිරීමට බලාපොරොත්තු වේ.
කොළඔ ආශ්‍රිත නාගරික ප්‍රදේශවල විදුලි පද්ධතිය භූගත කිරීමට අප දැනටමත් පමාවී ඇති අතර, නාගරික විදුලි පද්ධතිය එම නගරවලට මහත් හිසරදයක් වී ඇත. ලංකා විදුලි (පුද්ගලික) සමාගම (ලෙකෝ) මේ අවශ්‍යතාව හඳුනාගනිමින් ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්කයක් ලෙස නාගරික රැහැන් පද්ධතිය භූගත කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා කෝට්ටේ, නුගේගොඩ, කැලණිය කලාපයෙහි ආසියානු සංවර්ධන බැංකුවෙහි මූල්‍යාධාරවලින් සිදු කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම්ව ඇත. මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස ලෙකෝ ආයතනය විසින් 2014දී ආරම්භ කරන ලද නුගේගොඩ නගර මධ්‍ය විදුලි පද්ධතිය භූගත කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 400ක වියදමින් නිම කර එය ජාතික පද්ධතියට එක් කිරීමේ සුවිශේෂී මොහොත පසුගිය 07 වැනි දින විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ කාර්යාලයේදී සිදු විය.
රක්ෂණ ශ්‍රියන්ත