සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බටවල සුපුන් නමැත්තා පෙරේදා (8) වැලිගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තකයේ තබාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑ. 10යි මි.ග්‍රෑ. 300ක්, මුදලින් රු. 350,000ක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු පිටිදූව, වැලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයෙකි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැලිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
දකුණු පළාතේ සිදු වන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මැඬ පැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ස්ථාපිත කර ඇති පුෂ්පාරාම උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, (ස.පො.අ.) සම්පත් මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බළකා (උ.පො.ප.) පී.එම්. කාරියප්පෙරුම ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම කර තිබේ.
රක්ෂණ ශ්‍රියන්ත