මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ වළ දමා ඇත්තේ එල්.ටී.ටී.ඊ. වධකාගාරයකින් මරා දමන ලද කොටි සෙබළියන් පිරිසකගේ මළ සිරුරු බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම සමූහ මිනී වළේ කැණීම් කටයුතු සිදු කරගෙන යන පිරිසට සමූහ මිනී වළේ තිබී බෝම්බ හා පතරොම් කීපයක්ද පෙරේදා (08) හමු වී ඇත.
යුද්ධයේ අවසන් කාලයට ඉතා ආසන්න කාලයේ මෙම සමූහ මිනී වළේ දමා ඇත්තේ කොටි වධකාගාරයකින් මරා දමන ලද කොටි සෙබළියන් බවට තොරතුරු අනාවරණය වන අතර, දෙමළ දේශපාලනඥයෝ මෙම සමූහ මිනී වළේ වළ දමා ඇත්තේ යුද හමුදාවෙන් ඝාතනය කරන ලද කොටි සෙබළියන්ගේ මළ සිරුරු බව ජාත්‍යන්තරයට පෙන්වීමට විශාල උත්සාහයක් දරමින් සිටිති.
දෙමළ පක්ෂ කීපයක් විසින් යාපනයේ පවත්වන ලද සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කොට ඇති අතර කොක්කුතුඩුවායි සමූහ මිනි වළේ ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මේ මස අවසානයේදී උතුරු නැඟෙනහිර පුරා උද්ඝෝෂණයක් දියත් කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.
නමුත් යුද්ධයේ අවසන් කාලයට ආසන්න කාලයේ ශ්‍රී ලංකා යුද හමුදාව පමණක් නොව කිසිදු ආරක්ෂක අංශ කණ්ඩායමක් මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ නොසිටි නිසා දෙමළ දේශපාලන පක්ෂ මඟින් ගොඩනැඟීමට යන තර්කය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වනු ඇත.
මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන මෙම කැණීම්වලදී කොටි සෙබළියන්ගේ බවට සැක කෙරෙන ඇටසැකිලි කොටස්, නිල ඇඳුම් කොටස් හා ආයුධ හමු වීම නිසා එම සමූහ මිනී වළේ කැණීම් කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතී.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ