දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ නව රෝහල් ගොඩනැඟිලි ජනතා අයිතියට පත් කිරීම සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ අලුතින් ඉදි කළ රෝහල් ගොඩනැඟිලි ජනතා අයිතියට පත් කිරීමටත් එම කොට්ඨාසයේ රෝහල් නිරීක්ෂණයටත් ආණ්ඩුකාරවරයා එක්වූ අතර ඒ අනුව හිඟුරලකන්ද ග්‍රාමීය රෝහලේ ඉදි කළ නව බාහිර රෝගී ගොඩනැඟිලි සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමත්, පොද්දෙණිකන්ද ප්‍රාථමික වෛද්‍ය ඒකකයේ ඉදි කළ හදිසි ප්‍රතිකාර ඒකකය සහ බාහිර රෝගී අංශය ජනතා අයිතියට පත් කිරීමත් අධිනීතිඥ නවීන් දිසානායක මහතා අතින් සිදු විය.
ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ රුපියල් ලක්ෂ 320ක් වැය කර හිඟුරලකන්ද ග්‍රාමීය රෝහලේ නව බාහිර රෝගී ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කර ඇත. මෙම රෝහල වර්ෂ 1952දී ඩී.එස්. සේනානායක මහතාගේ රජය යටතේ මාතෘ රෝහලක් ලෙස ආරම්භ කර තිබේ. හිඟුරලකන්ද ප්‍රාදේශීය ග්‍රාම සේවා වසම් දහයක පමණ පුද්ගලයන් පහළොස් දහසකට පමණ මින් සෙත සැලසේ.
මේ අවස්ථාවට රාජ්‍ය ඇමැති කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුෂ්මන්ත මිත්‍රපාල, සුදත් මංජුල, ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් උදාකර, ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම් විජේරත්න වෙදගෙදර, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මහින්ද අලුත්ගෙදර