Home » පදවි ප්‍රාප්ත මහ සඟරුවනට යතිවර උපහාර පිදීම

පදවි ප්‍රාප්ත මහ සඟරුවනට යතිවර උපහාර පිදීම

by admin
July 10, 2023 1:00 am 0 comment

ශාසනික මෙහෙවර උදෙසා දීර්ඝ කාලයක් කටයුතු කරනු ලැබ අභිනවයෙන් පදවි ප්‍රාප්ත මහා සංඝරත්නය පිළිගැනීම අරමුණු කර ගනිමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් සිදු කරනු ලබන යතිවර උපහාර පිදීමේ මහෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී ඊයේ (09) පැවැත්විණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ආචාර්ය පූජ්‍ය වලේබොඩ ගුණසිරි හිමි, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි ඇතුළු දහඅටනමක් මහා සඟරුවනට මෙහිදී ප්‍රණාම උපහාර පිදූහ.

මහා භාරකාර ගිහාන් පිලිපිටිය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ, සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිලධාරීන්, සාමාජික පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT