Home » ලබන වසරේ සැප්තැ­ම්බර‍යේදී අධිවේගී ගුවන් මඟේ ඉදිකිරීම් අවසන් – ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන

ලබන වසරේ සැප්තැ­ම්බර‍යේදී අධිවේගී ගුවන් මඟේ ඉදිකිරීම් අවසන් – ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන

by admin
July 10, 2023 1:00 am 0 comment

ලබන වසරේ සැප්තැ­ම්බර් මාසය වන විට වරාය පිවි­සුම් ගුවන් මාර්ගයේ ඉදි­කි­රීම් කට­යුතු අව­සන් කිරී­මට කට­යුතු කරන බව ප්‍රවා­හන, මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැව­සීය. ඒ මහතා මේ බව පැව­සුවේ මේ වන විට ව්‍යාපෘ­තියේ ඉදි­කි­රී­ම්වල ප්‍රග­තිය සොයා බැලී­මට එම පරි­ශ්‍රයේ නීරී­ක්ෂණ චාරි­කා­ව­කට එක් වෙමිනි.
ආසි­යානු සංව­ර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියා­ත්මක කොළඹ වරාය පිවි­සුම් ගුවන් මාර්ග ව්‍යාපෘ­තිය කි.මී. 5.27ක දිගින් යුතු වේ. මංතීරු 4කින් සම­න්විත එහි පළල මී. 25කි. ඉඟු­රු­කඩේ මංස­න්ධියේ සිට ගාලු­මු­ව­දොර දක්වා දිවෙන මේ මාර්ගය සම්පූ­ර්ණ­යෙන්ම කුලුනු මත ඉදි කෙරෙන පාලම් 22ක්‌ ම­ඟින් සම්බන්ධ කෙරෙනු ඇති. ඒ සඳහා ඇස්ත­මේන්තු කර ඇති ආයෝ­ජ­නය අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 360.2කි. ඒ වෙනු­වෙන් ආසි­යානු සංව­ර්ධන බැංකුව ඩොලර් මිලි­යන 300ක සහ­න­දායි ණය මුද­ලක් පිරි­න­මන අතර, ශ්‍රී ලංකා රජය විසින් ඉතිරි ඩොලර් මිලි­යන 60.2ක මුදල යෙද­වී­මට නිය­මි­තයි. චීන සිවිල් ඉංජි­නේරු ඉදි­කි­රීම් සමා­ගම විසින් එහි ඉදි­කි­රීම් කට­යුතු සිදු කරනු ලැබේ.
එහිදී අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රයා:
“ශ්‍රී ලංකාවේ ආර්ථික වශ­යෙන් අති­ශය සංවේදි ස්ථාන­යක් වන කොළඹ වරාය පරි­ශ්‍රය මෙරට අධි­වේගි මාර්ග ජාලය සම්බන්ධ කෙරෙන වරාය පිවි­සුම් ගුවන් මාර්ග ව්‍යාපෘ­තිය මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදු කරන දැවැ­න්තම ඉදි­කි­රීම් ව්‍යාපෘ­ති­යක්. කොවිඩ් වසං­ගත තත්ත්වය හා ඉන් අන­තු­රුව මුහුණ දෙන ආර්ථික අභි­යෝග හමුවේ වුවද මේ ව්‍යාපෘ­තියේ ඉදි­කි­රීම් නතර නොකර අඛ­ණ්ඩව සිදු කර­ගෙන යෑම පිළි­බ­ඳව ඉදි­කි­රීම් භාර සමා­ගම ඇතුළු සියලු පාර්ශ්ව වෙත අපගේ ස්තුතිය පිරි­න­ම­නවා. කෙසේ නමුත් ඇති වී තිබෙන නව තත්ත්ව­යන් යටතේ විදේශ විනි­මය අග­යන්හි වෙන­ස්ක­ම්ව­ලට සාපේ­ක්ෂව මිල ගණ­න්වල සිදු වී ඇති වෙන­ස්කම් පිළි­බ­ඳව කැබි­නට් මණ්ඩ­ලය දැනු­වත් කර­මින් කැබි­නට් පත්‍රි­කා­වක් මේ වන විටත් ඉදි­රි­පත් කර තිබෙ­නවා. ඒ අනුව රට­ටත්, ඉදි­කි­රීම් සමා­ගම් ඇතුළු අනෙ­කුත් පාර්ශ­ව­ය­න්ටත් අසා­ධා­ර­ණ­යක් හෝ අග­ති­යක් නොවන පරිදි කට­යුතු කිරී­මට අප බලා­පො­රොත්තු වනවා.
“ආර්ථික මර්ම­ස්ථා­න­යක් වශ­යෙන් සැල­කෙන වරාය පරි­ශ්‍රයේ ඉදි­කි­රී­ම්ව­ලට කිසිදු අව­හි­ර­යක් නොවන පරිදි විශාල අභි­යෝග රැසක් මැද සිදු කරන ලද මේ ව්‍යාපෘ­තිය මේ විට 70%ක්‌ ප­මණ ඉදි­කි­රීම් අව­සන් කර තිබෙ­නවා. දැනට අව­සන් අදි­යරේ පව­තින ඉතිරි ඉදි­කි­රීම් කට­යු­තුද කඩි­න­මින් අව­සන් කර එළ­ඹෙන වසරේ සැප්තැ­ම්බර් මාසය පමණ වන විට මේ ව්‍යාපෘ­තියේ ප්‍රති­ඵල භුක්ති විඳීමේ අව­ස්ථාව අපේ රටේ ජන­තා­වට හිමි කර දීමට හැකි­යාව ලැබෙනු ඇති බවට මා විශ්වා­සය පළ කර­නවා. ඒ අනුව සංව­ර්ධිත ශ්‍රී ලංකා­වක් උදෙසා වරාය නගර පිවි­සුම් ගුවන් මාර්ග ව්‍යාපෘ­තිය ඉතා ඵල­දායි ව්‍යාපෘ­ති­ය­ක්‌ ­වනු ඇති බව මගේ විශ්වා­ස­යයි.“
චීන සිවිල් ඉදි­කි­රීම් ඉංජි­නේරු සමා­ගමේ උප සභා­පති වැං සියෑං­දොන් ඇතුළු ඒ සමා­ගමේ නියෝ­ජි­තයෝ, මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති චමින්ද අත­ලු­වගේ, ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ. ඩබ්. කණ්ඩම්බි ඇතුළු නිල­ධා­රීහු පිරි­සක් මේ නිරී­ක්ෂණ චාරි­කා­වට එක්ව සිටි­යහ.
ඡායා­රූප – සුලෝ­චන ගමගේ

ජය­සිරි මුණ­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT