Home » මාධ්‍යවේදීන් පැහැර ගත්තේ හමුදාවයි – ඉම්රාන්ගෙන් චෝදනා

මාධ්‍යවේදීන් පැහැර ගත්තේ හමුදාවයි – ඉම්රාන්ගෙන් චෝදනා

by admin
July 10, 2023 1:00 am 0 comment

පාකිස්තානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ කාලසීමාවේදී එරට හමුදාව මාධ්‍යවේදීන් පැහැරගෙන ගිය බවට ඉම්රාන් ඛාන් චෝදනා එල්ල කර ඇතැයි පාකිස්තානයේ ඩොන් පුවත් සේවය වාර්තා කළේය. අමෙරිකාව කේන්ද්‍ර කරගත් රූපවාහිනි නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් හිටපු අගමැතිවරයා මේ බව අනාවරණය කර ඇතැයි ද වාර්තා වේ. තම ධුරකාලය තුළදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට එරට හමුදාව ඉතා ආසන්නයටම පැමිණ සිටි බවත්, ඒ අතරතුර මාධ්‍යවේදීන්ගේ විවේචනයට හසුවීමෙන් පරිස්සම් වීමට දැඩි අවධානයක් යොමු කර තිබූ බවත් ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායකයා ද වන ඉම්රාන් ඛාන් එම සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත. ඒ අනුව එම කාලය ඇතුළත මාධ්‍යවේදීන් අතුරුදන්වීම සහ පැහැරගෙන යෑමට පාකිස්තාන හමුදාව වගකිව යුතු බව ඔහු ප්‍රකාශ කර ඇතැයි ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.

තම කාලය ඇතුළත පාකිස්තානයේ කිසිදු මාධ්‍ය ආයතනයක් වසා දැමීමට පියවර නොගත් බවත්, එම කාලය ඇතුළත එරට කිසිදු මාධ්‍යවේදියකු රටින් පලා නොගිය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. එක් මාධ්‍යවේදියකු පමණක් සිය කාලසීමාව ඇතුළත පැහැර ගැනීමකට ලක්වූ බවත්, පසු දින ඔහු නිදහස් කිරීමට කටයුතු කළ බවත් ඉම්රාන් ප්‍රකාශ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT