සස්මිත-අමල්ගෙන් ලකුණු 251ක සබඳතාවක්
අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී පන්නිපිටිය
ධර්මපාල විදුහලට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 16කට කඩුලු 8ක් බිඳ දැමීමට
කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායමේ නායක බිනර ඉඳුවර සමත් විය.
තවත් තරගයකදී රද්දොළුව ශ්‍රී පඥ්ඥානන්ද මහා විදුහලට එරෙහිව පළමු කඩුල්ලට ලකුණු 251ක
අගනා සම්බන්ධතාවයක් පැවැත්වීමට වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහලේ ආරම්භක
පිතිකරුවන් වන සස්මිත ප්‍රනාන්දු සහ අමල් පෙරේරා සමත් වූහ. සස්මිත ලකුණු 101ක් රැස්
කළ අතර, අමල් පෙරේරා ලකුණු 107ක් වාර්තා කළේය.
මේ තරගවලදී කොළඹ ආනන්ද, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් සහ කොළඹ නාලන්දා විදුහල් පළමු
ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළේය.
කොළඹ ආනන්දයට
පළමු ඉනිමේ ජයක්
ආනන්ද පළමු ඉනිම – 159/9 (ඕවර 41.3) විශ්ව වේරගොඩ 41, දුලීන් හිරුක 31 (යසස් රේවත
39/3, නිතේෂ් ගෞතම 17/2, සදීෂ් අනුහස් 27/2, දිනුර නෙත්විදු 36/2)
පන්නිපිටිය ධර්මපාල පළමු ඉනිම – 84 (ඕවර 32.1) දිනුර නෙත්විදු 24 (බිනර ඉඳුවර 16/8)
සහ දෙවැනි ඉනිම – 21/3 (ඕවර 5)
සා.ජෝසප් වාස් පිලට පළමු ඉනිමේ ජයක්
සා. ජෝසප් වාස් පළමු ඉනිම – 299/6 (ඕවර 39.4) සස්මිත ප්‍රනාන්දු 141, අමල් පෙරේරා
107 (තාරුක දුලංජන 46/3, පුෂ්පිත බුවනෙක 67/3)
ශ්‍රී පඥ්ඥානන්ද ම.වි. පළමු ඉනිම – 106 (ඕවර 42) පුෂ්පිත බුවනෙක 25 (නෙතුම් අනුහස්
30/4, අමල් පෙරේරා 14/3, ෂෙනුෂ්ක ප්‍රනාන්දු 2/1) සහ දෙවැනි ඉනිම – 95/8 (ඕවර 15)
(අමල් පෙරේරා 15/3, ෂෙනාන් ප්‍රනාන්දු 39/3)
නාලන්දාවට පළමු ඉනිමේ ජය
කොළඹ ඩී.එස්.සේනානායක පළමු ඉනිම – 166/9 (ඕවර 55) චනුල් අතලේ 62, සනුද් ගුණරත්න 36
(උමාෂ රනෝධිත් 14/3, මෙතුක රන්දිල් 23/2, සන්තුල් විජේරත්න 31/2, ගයුක ගිත්සර 42/2)
නාලන්දා පළමු ඉනිම – 198/8 (ඕවර 36.1) සන්තුල් විජේරත්න 54, මිහින් සොයිසා 42
(මෙනුල දේවසිංහ 61/2)
ඉෂානි යද්දෙහි