Monday, April 21, 2025
Home » නව්‍ය දෑ ගෙන එන බවර් සමාගම

නව්‍ය දෑ ගෙන එන බවර් සමාගම

by gayan
July 6, 2023 1:00 am 0 comment

‘ඔබට රටෙන් ලැබෙන දේ නොව රටට ඔබෙන් ලැබෙන දේ කුමක්දැයි’ විමසීම වඩා වැදගත් බවට
ප්‍රකට කියමනක් තිබේ. A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම ද, එහි
නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් බවර් ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ සිටම එම පරමාදර්ශී කියමන
ආදර්ශයට ගෙන කටයුතු කරන කීර්තිමත් සමාගමකි. වසර 125ක සාඩම්බර උරුමයක් හිමි බවර්
සමාගම මේ මොහොතේ තවදුරටත් ශක්තිමත්ව වර්ධනය වෙමින්, අන් කවරදාටත් වඩා සවිමත්ව පෙරටම
ගමන් කරමින් සිටියි.

කෘෂිකාර්මික යුගය, කර්මාන්ත යුගය සහ දැනුම් යුගය යන සෑම කාලපරිච්ඡේදයකදීම මෙන්ම,
ගෙවුණු දශක බොහෝමයකදී දක්නට ලැබුණු විවිධ බාධක අභියෝග හමුවේ පවා බවර් සමාගම අඛණ්ඩව
රටේ තිරසර වර්ධනය වෙනුවෙන් දායක වී තිබීම කැපීපෙනෙයි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර
කෙන්ද්‍ර කරගත් මවු සමාගම වන Alfred et Eugénie Baurs හි හිමිකාරීත්වය නිසාවෙන්ම
ස්විස් සම්ප්‍රදායන් රැසක් කැටිකරගත් නමුදු බවර් සමාගම යනු සැබවින්ම ශ්‍රී ලාංකික
ආයතනික පුරවැසියෙකි.

නවෝත්පාදන සහ සාර්ථකත්වය සමඟ ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක්
ඉටුකිරීමට ද බවර් සමාගම සමත් වී තිබේ. සමස්ත දකුණු ආසියාවේම වඩාත් දියුණු සහ අධි
තාක්ෂණික පොහොර මිශ්‍ර කිරීමේ කර්මාන්තශාලාවක් සමාගම සතු ය. එම කර්මාන්තශාලාව තුළ
භාවිත කෙරෙන යන්ත්‍ර සූත්‍ර පවා අමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද උසස්ම
තත්ත්වයේ යන්ත්‍ර සූත්‍ර වේ.

2021 වසරේදී ශ්‍රී ලංකාව රසායනික පොහොර තහනම් කිරීමට තීරණය කළ මොහොතේ කාබනික සහ
තිරසර කෘෂිකර්මාන්තය පිළිබඳ ගෝලීය විද්වතුන් ගෙන්වමින් ඔවුන්ගේ දැනුම මෙරටට ලබා
ගැනීමට බවර් සමාගම වහාම ක්‍රියාත්මක විය. එතැන් පටන් විවිධ පාර්ශ්වකරුවන් සමඟ එක්ව
ක්‍රියා කළ බවර් සමාගම වඩාත් හරිත ආර්ථිකයක් වෙනුවෙන් තම කැපවීම ප්‍රකට කර තිබේ.

ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා ආයතන මෙරටින් සිය සේවා ඉවත් කර ගැනීමේදී, එම සේවා
පැවරීම සඳහා සුදුසු දේශීය සමාගමක් පිරික්සීමේදී එහි පළමු තේරීම බවට ද බවර් සමාගම
පත්ව තිබීම මෑතකාලීනව නිරීක්ෂණය කළ හැකිය. මෙරට සිටින ඉදිරි පෙළ ආනයනකරුවෙකු මෙන්ම,
විස්තීර්ණ සැපයුම් ජාලයක් සහ martech හැකියාවෙන් යුතු විශාල බෙදාහැරීම් ජාලයක් ද
බවර් සමාගම සතු අතර, පසුගිය කාලය මුළුල්ලේ ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය ඖෂධ සහ එන්නත්
අඛණ්ඩව සැපයීම සඳහා බවර් සමාගම කැපවී ක්‍රියා කළේය. ඊට හොඳම නිදසුන් වන්නේ ශ්‍රී
ලංකාව සහ මාලදිවයින සඳහා Sanofi සහ GSK සමාගම්වල එකම බෙදාහැරීම් නියෝජිත ලෙස බවර්
සමාගම පත්කරනු ලැබීම ය. ඊට අමතරව, Novartis, Roche, Merck, MSD, Takeda සහ Eisai
ආදී තවත් ජාත්‍යන්තර ඖෂධ සමාගම් රැසක් බවර් සමාගමේ හැකියාව පිළිබඳ තම විශ්වාසය තබා
තිබේ.

දශක ගණනාවක් ඇතුළත ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලතම බුද්ධි ගලන අවස්ථාවේදී බවර් සමාගම
සිය ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය (SHMA) මඟින් ගෝලීය මට්ටමේ ආධුනිකත්ව පුහුණු
ඉගෙනුම් මාදිලියක් හඳුන්වා දීමට ද පෙරමුණ ගත්තේය.

කොවිඩ් වසංගතයත් සමඟ මෙරට ග්‍රාමීය ප්‍රදේශ තුළ ආර්ථික අපහසුතා මතුවෙමින් පවතින
අවස්ථාවේදී බවර් සමාගම, ස්විස් සංවර්ධන හා සහයෝගිතා ආයතනය (SDC) සමඟ එක්ව දියත් කළ
Skills for Sustainable Growth ව්‍යාපෘතිය හරහා වසර තුනක කාලයක් තුළ කාන්තා පිරිමි
පුහුණු ශ්‍රමිකයින් 2,240ක් බිහිකිරීමට හැකි වී තිබේ.

මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහාය දක්වන බවර් සමාගම, ශ්‍රී ලංකා වෘත්තීය
පුහුණු අධිකාරිය සහ නෙස්ලේ ලංකා ආයතනය සමඟ ද මෑතකදී සහයෝගිතාවන්ට එළඹුණි. ඊට
සමගාමීව Edelweiss සමඟ බවර් සමාගම සතු දීර්ඝ කාලීන සහයෝගිතාව මඟින් මෙරටට ස්විස්
සංචාරකයින් ගෙන්වීමට ද සමාගම දායක වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT