ජපන් රජය මඟින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT)
ව්‍යාපෘතිය නැවත සක්‍රිය කිරීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා
ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති
දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්
ඇමැතිවරයා මේ බව ඊයේ (5) ප්‍රකාශ කළේය.
කොළඹ පිහිටි ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ සාකච්ඡා නැවත සක්‍රිය කරමින්
අදාළ ගිවිසුමට එළඹීම සඳහා උචිත කාලරාමුවක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය
ලැබුණු බවද ඇමැතිවරයා පැවසීය. ආර්ථික අර්බුද සමඟ ව්‍යාපෘති අතරමඟ නැවතුණද
ජපන් රජය සමඟ ක්‍රියාවට නංවන ව්‍යාපෘති නැවත සක්‍රිය කරගැනීමට මෙමඟින්
අවස්ථාව ලැබෙන බවත්, ජපානය සමඟ වඩාත් කිට්ටු සම්බන්ධතා ඇති කර ගැනීමට මෙම
ව්‍යාපෘති හේතු වන බවත් ඇමැතිවරයා කීය. මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමෙන් රු.
බිලියන 3ක පමණ විදේශ විනිමයක් මෙරටට උපයාගත හැකි බවද ඇමැතිවරයා පැවසීය.