මෙරට මූල්‍ය ක්ෂේත්රයේ මහත් පෙරළියක් ඇති කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා ජූලි මස 01 වන දිනට හැට දෙවසරක් සපිරෙයි. එවකට සාමාන්‍ය පොදු ජනතාවට දුරස්ථ වූ බැංකු කටයුතු ඔවුන්ට වඩාත් සමීප අත්දැකීම් වූයේ මහජන බැංකුවේ ආරම්භයත් සමඟයි.
ගනුදෙනුකරුවා කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන විශාල පරාසයක පැතිරුණු මූල්‍ය සේවා සහ නවීන ඩිජිටල් තාක්ෂණය මුසුවූ සේවාවන් රැසක් හඳුන්වා දෙමින් අද වන විට මහජන බැංකුව රුපියල් ට්‍රිලියන 3කට අධික ඒකාබද්ධ වත්කම් සහිත මෙරට ප්‍රමුඛතම බැංකුවක් බවට පත්ව ඇති අතර, දේශයේ අභිමානය ලෙස මෙරට සමාජ, ආර්ථික පුනරුදයට අඛණ්ඩව දායකත්වය සැපයීම සුවිශේෂ කරුණකි.
ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය, ග්‍රාමීය බැංකු ක්‍රමය හා ගැමි ජනතාව නඟා සිටුවීම අරමුණු කරගනිමින් 1961 අංක 29 දරන පනත යටතේ මහජන බැංකුව පිහිටුවන ලදි. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට පැවැති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ රජයේ වෙළෙඳ, ආහාර සමුපකාර හා නාවික කටයුතු අමාත්‍යවරයා වූ ගරු ටී.බී. ඉලංගරත්න ශ්‍රීමතාණන්ය. මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූයේ එවකට සමුපකාර ක්ෂේත්රයේ විසල් මෙහෙයක් සිදු කරමින් සිටි වින්සන්ට් සුබසිංහ මහතාය.
ඉංග්‍රීසි, උගත් ඇති හැකි පෙළැන්තියට පමණක් සීමාවී තිබුණු බැංකු ක්රමයේ සිමා වළලු දෙදරා යෑමට මුල පිරුනේ මහජන බැංකුවේ ආරම්භයයි. එහි ප්‍රතිඑලයක් ලෙස සිංහල හා දෙමළ භාෂාවෙන් වැඩ කිරීම ආරම්භ කළ ප්‍රථම බැංකුව බවට පත්වීමට මහජන බැංකුවට හැකි විය.
සාමාන්‍ය ජනතාව ඉතුරුම් සඳහා දිරිමත් කිරීමට ද, ඒ සමඟම රන් භාණ්ඩ උකස් සේවා කටයුතුවලට ද මහජන බැංකුව 1963 දී අවතීර්ණ විය. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සහිත සාධාරණ පොලී අනුපාත අනුව රන් භාණ්ඩ උකස් සේවාව ක්‍රියාත්මක වීම නිසා එතෙක් අවිධිමත් ව තිබූ රන්භාණ්ඩ උකස් වෙළඳපල විධිමත් විය.
මේ වන විට දිවයින පුරා පිහිටුවා ඇති මහජන බැංකු ශාඛා සංඛ්‍යාව 745ක් වන අතර, 7300කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතය. එමෙන්ම 280කට අධික පමණ වන මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන් (SBU) තුළින් වසරේ සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම බැංකු ශාඛාවට නොගොසින්ම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 14.7 කට අධික වන අතර, එය මෙරට වාණිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වීම විශේෂත්වයකි.
විවිධ වයස් කාණ්ඩවලට හා විවිධ ක්ෂේත්රයන්හි නියැලෙන ගනුදෙනුකාර භවතුන්ට ගැළපෙන පරිදි සන්නම් නාම ගතකරන ගිණුම් හඳුන්වාදීමට මහජන බැංකුව පියවර ගෙන තිබේ. විවිධ ණය යෝජනා ක්‍රම දියත් කරමින් තම ගනුදෙනුකරුවන් වෙත උසස් ජීවන තත්ත්වයක් ලබාදීමට මෙන්ම ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය දිරිය ලබාදීමට ද මහජන බැංකුව ක්‍රියා කරයි.
වගකිව යුතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදීමෙන්ම නොනැවතී මෙරට සමාජ ආර්ථික ප්‍රගතිය උදෙසා ද සිදුකර ඇති මෙහෙවරද සුළු පටු නොවේ. රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව පසුගිය හැට වසර පුරාවටම අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය, අධිවේගි, මාර්ග, සංචාරක, යටිතල පහසුකම් ආදී ක්ෂේත්රයන් සඳහා මූල්‍ය පහසුකම් ලබාදෙමින් රටේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වයද සුවිශාලය.
ලෝකයේ පුරා විසිරී ඇති බැංකු 900 කට අධික සංඛ්‍යාවක් සමඟ සාර්ථකව ගනුදෙනු කරන මහජන බැංකුව, පුද්ගලික හා රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම්වලට ණයවර ලිපි හා ඇපකර නිකුත් කරමින් රටේ ආනයන හා අපනයන කටයුතු සඳහා විශාල දායකත්වයක් පිරිනමයි. විශේෂයෙන් රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන ඉන්ධන, ඖෂධ, ගෑස් වැනි දෑ ගෙන්වීමේ දී මහජන බැංකුව ඒ සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් කරමින් මෙරට ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය සේවා සපයයි.
එමෙන්ම මහජන බැංකුව, නව ලොවට ගැළපෙන පරිදි සිය ගනුදෙනුකාරභවතුන්ට වඩාත් පහසු ආරක්ෂිත හා කාර්යක්ෂම බැංකු පහසුකම් සමීප කිරීමේ අරමුණින් 2015 වසරේ දී ඩිජිටල් බැංකුකරණ ව්‍යාපෘතිය දියත් කරන ලදී.
මෙම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය තුළින් People’s Wiz ඩිජිටල් ගිණුම් විවෘත කිරීමේ පහසුකම, People’s Wave ජංගම දුරකතන යෙදවුම, People’s Wiz Credit ඩිජිටල් ණය උත්පාදන පද්ධතිය, People’s Wyn ආයතනික ජංගම දුරකථන යෙදවුම, People’s Web අන්තර්ජාල බැංකු පහසුකම හා People’s Pay Digital Wallet App යෙදවුම හඳුන්වා දෙන ලදි.