වාහන 06ක් ගැටී පුද්ගලයින් 06ක් මරුට | දිනමිණ

වාහන 06ක් ගැටී පුද්ගලයින් 06ක් මරුට

එංගලන්තයේ බර්මින්හැම් නගරයේ වාහන කිහිපයක් එකිනෙකට ගැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

වාහන 06ක්  එකිනෙකට ගැටී මෙම අනතුර සිදුව ඇති අතර ඉන් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

අනතුර  සිදුවන අවස්ථාවේ පළමු මෝටර් රථයේ සිටි කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකුගේ දිවි බේරා ගෙන ඇත.

ඔවුන්ට සුළු තුවා සිදුව ඇති බවට විදසේ මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලක් වූ දෙවන කැබ් රථයේ සිටි කාන්තාවක සහ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පිරිසගේ දිවි බේරී ඇත.

තෙවන මෝටර් රථයේ පුද්ගලයින් සිව් දෙනෙකු සිට ඇති අතර ඉන් පුද්ගලයින් 3  දෙනෙකු එම  ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව ඇති බව බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව අදහස දක්වන්න