පළමු විවාහක ක්‍රීඩා යුවළ ඉතිහාසයට එක්වූ හැටි | දිනමිණ

පළමු විවාහක ක්‍රීඩා යුවළ ඉතිහාසයට එක්වූ හැටි

ප්‍රධාන පෙළේ තරගාවලියක එකම දිනයකදී විවෘත කාන්තා ශූරතාවත්, විවෘත පිරිමි ශූරතාවත් හිමිකරගත් ලෝකයේ පළමු විවාහක යුවළ බවට පත්වීමට ඊජිප්තු යුවළක් සමත්ව තිබේ.

ඒ, අමෙරිකානු විවෘත ස්කොෂ් ශූරතාවලියේ පිරිමි ශූරතාව අලි ෆරාග් (25) සහ එහි කාන්තා ශූරතාව එල් ටායිබේ (24) එකම දිනයකදී ජයග්‍රහණය කරමිනි.

මුලින්ම එල් ටායිබේ සෙනසුරාදා පැවැති කාන්තා අවසන් තරගයේදී රානීම් එල්. වෙලීලේ 3-2ක් ලෙස පරාජයට පත්කර ඇති අතර, ඉන් පැය කිහිපයකට පෙර ෆරාග් පිරිමි අවසන් තරගය ජය ගත්තේ මොහොමඩ් ශෝර්බැගී 3-0ක් ලෙස පරාජයට පත්කරමිනි.

එසේම ලෝකයේ ප්‍රධාන පෙළේ තරගාවලියක ශුරතා ඊජිප්තුව වෙනුවෙන් ජයග්‍රහණය කළ පළමු යුවළ ලෙසද මොවුහු ඉතිහාසයට එක්වූහ.

නව අදහස දක්වන්න