මිනී මස් ආහාරයට ගත් 04ක් අත්අඩංගුවට | දිනමිණ

මිනී මස් ආහාරයට ගත් 04ක් අත්අඩංගුවට

"තමන්ට මිනී මස් කලා එපා වෙලා" යනුවෙන් පවසමින් දකුණු අප්‍රිකාවේ පොලිස් ස්ථානයකට පැමිණි පුද්ගලයෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එම වාර්තාවන්හී වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙලෙස පොලිසියට පැමිණි එක් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න සිදුකරන අවස්ථවේදී  මිනිස් අතක් සහ කකුලක් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව අදාල පුද්ගලයින් හතර දෙනා මිනී මස් කෑමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන එස්ට්කොර්ට් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

 

නව අදහස දක්වන්න