ටිපර් අනතුරින් 14 හැවිරිදි දැරිය මරුට | දිනමිණ

ටිපර් අනතුරින් 14 හැවිරිදි දැරිය මරුට

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී අද (23) දින පස්වරුවේ ටිපර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කරමින් සිටී 14 හැවිරිදි දැරියක් මියගොස් යතුරු පැදිය පැදවූ දැරියගේ පියා බරපතල තුවාල ඇති බව ගලේවෙල පොලීසිය කියයි.

ටිපර් රථය කුරුණෑගල දෙසින් දඹුල්ල දෙසට ධාවනය කර ඇත.‍

යරුපැදිය ද එම දෙසට ධාවනය කර ඇති බවයි පොලීසිය සඳහන් කරයි .

ටිපර් රථය පිටුපසින් පැමිණ යතුරුපැදියෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව ගලේවෙල පොලීසිය සදහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ කලාවැව බුල්නෑව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිය ධාවනය කළ මිය ගිය දැරියගේ පියා බරපතළ තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දඹුල්ල මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.

ටිපර් රථයේ රියදුරු ගලේවෙල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය දැරිය අද ගොළු බිහිරි පාසලක ඉගෙන ගන්නා දැරියක් බවත් නිවාඩුව සඳහා තම පියා සමග යතුරු පැදියෙන් නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

නව අදහස දක්වන්න