බාසිලෝනා ප්‍රහාරයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට | දිනමිණ

බාසිලෝනා ප්‍රහාරයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 100කට අධික පිරිසක් තුවාල ලැබීය. පසුගිය බ්‍රහස්පතින්දා, අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් සිතාමතාම කිහිප දෙනෙකු යටකරමින් ධාවනය කර තිබුණි.

රථයේ රියැදුරු යූනස් අබුයාකුබ් නැමැත්තෙකු බවට පොලීසිය විසින් අනාවරණය කර ගත් අතර ඔත්තුවකට අනූව බාර්සිලෝනාවට බටහිරින් සැතැපුම් 25ක් ඔබ්බෙන් පිහිටි ඉන්ධන පිරවුම් හලක දී සොයා ගත් සැකකරු ස්පාඤ්ඤ පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.

එම අවස්ථාවේ දී ඔහු පුපුරන ද්‍රව්‍ය සහිත බඳ පටියක් පැළැද සිටි බව වාර්තා වේ. අයි.එස්.කැරලිකරුවන් ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ.

නව අදහස දක්වන්න