ඩයලොග් ‘සෙනෙහෙ සියපත 2017’ නිවාස ව්‍යාපෘතියට කොටපොළ දී මුල්ගල | දිනමිණ

ඩයලොග් ‘සෙනෙහෙ සියපත 2017’ නිවාස ව්‍යාපෘතියට කොටපොළ දී මුල්ගල

ඩයලොග් ආසිආටා සමාගමේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත “සෙනෙහෙ සියපත” ගම්මානය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එම අවස්ථාව සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය,සාගල රත්නායක , ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක, සුපුන් වීරසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(පරිපාලන), ඩබ්ලිව්.ඒ. කුලසූරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති, කාවන් රත්නායක, ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී, අමලි නානායක්කාර, අපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්, චම්පික විජ්සූරිය, කොටපොල ප්‍රාදේශීය ලේකම්, ජී. අමරසිංහ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 58 වන සේනාංකයේ අනදෙන නිලධාරී, ඒ.එම්.එස්.ඩී අතපත්තු යන මහත්ම, මහත්මීහු සහභාගි වූහ.

නිවාස 37 ඉදි කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 57.5 ක් වැය වන අතර, මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වය නොමිලේ ලබාදෙනු ලබයි. එමෙන්ම මේ උදාර කර්තව්‍යයට නොමසුරු ව දායක වූ ඩයලොග් පාරිභෝගිකයන් රුපියල් මිලියන 16.53ක මුදලක් පරිත්‍යාග කළ අතර, එම මුදල තෙගුණ කරමින් තවත් රුපියල් මිලියන 33.47ක් ඩයලොග් සමාගම ඊට එකතු කරනු ලැබීය. ඊට අමතරව RIL Property වෙතින් තවත් රුපියල් මිලියන 7.5ක මුදලක් පරිත්‍යාග කිරීමෙන් පසු ‘සෙනෙහෙ සියපත’ අරමුදල, රුපියල් මිලියන 57.5ක මුදලක් රැස් කරගන්නා ලදී.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සකස් කළ නිර්ණායකයන්ට අනුව සෙනෙහෙ සියපත 2017 යටතේ නිවාස 25ක් හා 12ක් පිළිවෙළින් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ හා මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ‘සෙනෙහෙ සියපත’ ගම්මානවල ඉදි කරනු ලබන අතර, එම ඉදි කිරීම් කටයුතු ඩයලොග් ආසිආටා සමාගමේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි.

නව අදහස දක්වන්න