1999දී මාවතගම එජාප රැලියට පහරදීම: තීන්දුව ජූලි 17දා | දිනමිණ

1999දී මාවතගම එජාප රැලියට පහරදීම: තීන්දුව ජූලි 17දා

ආරියපාල වංශතිලක කුරුණෑගල මධ්‍යම විශේෂ

1999 මැතිවරණ ප්‍රචණ්ඩත්වයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් යැයි කියනු ලබන කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු තවත් තිදෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ ගොනුකර තිබූ නඩුවේ සියලු සාක්කි අවසන් කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජූලි ම ස 17 වෙනි දිනට කල් තැබීය. කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ අවසන් වරට විභාග වූ මේ නඩුවේ සියලුම සාක්ෂිකරුවන්ගේ සාක්කි සටහන් කර ගන්නා තෙක් විත්තිකරුවන් රක්ෂිත භාරයට පමුණුවන ලදී.

වර්ෂ 1999 දෙසැම්බර් මස 15 වෙනි දින හෝ ඊට ආසන්නතම දිනයකදී මාවතගම මැතිවරණ බල ප්‍රදේශයේදී එ.ජා.ප. රැළියකට පහරදී පුද්ගලයින් පිරිසකට බරපතල තුවාල සිදු කළා යැයි හිටපු සභාපතිවරයා ඇතුළු තවත් තිදෙනෙක් ගිනිඅවි ආඥා පනත යටතේ මේ නඩුවෙන් චෝදනා ලැබ සිටියේය. වර්ෂ 18කට ආසන්න කාලයක් විනිසුරුවරුන් ගණනාවක් ඉදිරියේ දිග හැරුණු මේ කැරලි කෝලහාල නඩුවේ විත්තිකරුවන් සියලු දෙනාම මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අධිකරණයේදී හෙළිදරව් විය. මේ නඩුවේ විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ උපාලි ජයමාන්න මහතා පෙනී සිටි අතර පැමිණිල්ල රජයේ නීතිඥ ළහිරු ජයමාන්න මහතා විසින් මෙහෙයවනු ලැබීය. 

නව අදහස දක්වන්න