මෙක්සිකෝ තාප්පයට මුදල් වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවයි | දිනමිණ

මෙක්සිකෝ තාප්පයට මුදල් වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවයි

මෙක්සිකෝ දේශසීමාව හරහා පවුරක් ඉදිකිරීමේ සැලැස්මට මුදල් වෙන් කිරීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, අදාළ මුදල වෙන් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයක් හේතුවෙන්.

මැතිවරණ පොරොන්දුවකට අනුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම පවුර ඉදිකිරීමට යෝජිතව තිබුණි.

මෙක්සිකෝ දේශසීමාව හරහා පවුරක් ඉදිකිරීමට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය සිය විරෝධය පළ කරන අතර ඔවුන් පවසන්නේ එසේ මුදල් වෙන් කිරීමක් සිදුකළහොත් එය නවතා දැමීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, තමන් ලබාදුන් පොරොන්දුවට අනුව තවමත් මෙම පවුර ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් පවතින අතර එය මේ වසර අවසානයේදී යළි සලකා බලන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ.

නව අදහස දක්වන්න